ජාතික ක්‍රීඩා කවුන්සිලයෙනුත් අර්ජුන ඉවතට – නව පත්කිරීම් මෙන්න

ජාතික ක්‍රීඩා කවුන්සිලයෙනුත් අර්ජුන ඉවතට – නව පත්කිරීම් මෙන්න

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කර තිබේ.

ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.

නව ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරයා වන්නේ, අයි. යූ. වික්‍රමසූරිය මහතා ය.

එහි සෙසු සමාජිකයන් වන්නේ, ශ්‍රියානි කුලවංශ, විශ්‍රාමික මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි, මහාචාර්ය අර්ජුන ද සිල්වා, පන්ඩුක කීර්තිනන්ද, ආනා පුංචිහේවා, මලික් කාදර්, එස්. වී. ඩී. නානායක්කාර, හෆීෂ් මර්සු, සිදත් වෙත්තමුණි, විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ජයසූරිය, අනුරාධා ඉලේපෙරුම, මහාචාර්ය ෂමල් ප්‍රනාන්දු සහ කමල් දේශප්‍රිය යි.

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ලේකම්වරයා ලෙස අර්ජුන රිෂ්යා ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

එහි සෙසු සමාජිකයන් වන්නේ, ආචාර්ය මයියා ගුණසේකර, සුරේෂ් සුබ්‍රමනියම් සහ නලින්ද සම්පත් ඉලංගකොන් මහත්වරුන්ය.

1 1

2 1

Share This