විජයකලා මහේෂ්වරන් නිදහස්

විජයකලා මහේෂ්වරන් නිදහස්

2018 වසරේ කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවය.

එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා විසින් තීරණය කර ඇති හෙයින් ඇය නිදහස් කිරීමට නියම කරන බවයි.

Share This