ශ්‍රී ලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රී ලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (02) රැස්වෙයි.

මෙම රැස්වීම කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පස්වරු 2 ට පැවැත්වීමට නියමිතයි.

පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පැවැත්වෙන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා සඳහන් කළේ ය.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ද පැවැත්වේ.

ඒ සඳහා සියලු දිස්ත්‍රික්කවල ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ සම සංවිධායකවරුන් කැඳවා ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය .

එම සාකච්ඡා පැවැත්වෙන්නේ, පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින්.