පස් කඳු කඩා වැටී තරුණයින් දෙදෙනෙක් හා කුඩා දැරියක් ජීවිතක්ෂයට

පස් කඳු කඩා වැටී තරුණයින් දෙදෙනෙක් හා කුඩා දැරියක් ජීවිතක්ෂයට

දෙයියන්දර පල්ලෙවෙල නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

ඊයේ රාත්‍රී කාලයේ සිදුවූ එම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මේ අතර අවිස්සාවේල්ල – හේවාහින්න ප්‍රාදේශීයේ පස්කන්දක් කඩා වැටීමෙන් කුඩා දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 11 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි කුඩා දැරියක් බවයි සඳහන් වන්නේ.