අධික උණුසුම සමග චර්ම රෝග ඇති වීමේ අවදානමක්

අධික උණුසුම සමග චර්ම රෝග ඇති වීමේ අවදානමක්

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

හිරු එළිය සම මතට සෘජුවම පතිත වීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එමෙන්ම සම හිරු එළියට නිරාවරණය වීමත් සමග සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකි බව ද පැවසේ.

ඒ අනුව සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහඩිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහඩිය වැඩි වශයෙන් එකතුවන ස්ථානවල රවුම් හැඩැති දිලීර තත්වයක් ඇතිවීම මෙහි ආසාදිත තත්වයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ නිසා සම හිරු එළියට සෘජුව නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.