පිටිගල ඝාතන සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

පිටිගල ඝාතන සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

ඇල්පිටිය පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් ඊයේ (16) තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම අපරාධය සැලසුම් කරන ලද සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

ඔවුන් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර එම අපරාධය සඳහා යොදාගත් බවට සැලකෙන ජංගම දුරකථන 03ක් හා යතුරුපැදි 02ක් පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය 11 වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණි.