සුපිරි හොලිවුඞ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් පාප්තුමන් හමුවෙයි
සුපිරි හොලිවුඞ් ක්රියාදාම නළු සිල්වෙස්ටර් ස්ලැටෝන් සහ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් වතිකානයේදී පැවැත්විණි.
77 හැවිරිදි හොලිවුඞ් සුපිරි තරුව, පාප්තුමන් හමුවූයේ ඔහුගේ බිරිඳ ජෙනිෆර්, දියණියන් වන සෝපි, සිස්ටීන්, ස්කාලට් සහ සොහොයුරා ෆ්රෑන්ක් ද සමගය.
‘මා ඔබේ සිනමා නිර්මාණ නරඹා තිබෙනවා.’ යැයි පාප්තුමන් ස්ටැලෝන්ට පවසද්දී, ස්ටැලෝන් පාප්තුමන්ට ස්තුතිය පුද කළේය.
ස්ටැලෝන් ඉතාලි සම්භවයක් ඇති ඇමෙරිකන් නළුවෙකි. ඔහුගේ පියා සංක්රමණිකයකු ලෙස ඇමෙරිකාවට ගොස් ඇත්තේ 1930 දශකයේය.
ස්ටැලෝන්ගේ පියාගේ උපන් නගරය ලෙස සැලකෙන්නේ ඉතාලියේ ‘ජියෝයා ඩෙල් කෝලේ’ නගරයයි. පාප්තුමන් හමුවීමෙන් පසු එම නගරයට ගිය ස්ටැලෝන්ට සහ සොහොයුරා ෆ්රෑන්ක්ට මහ ඉහළින් පිළිගැනීමක් ද හිමිවිය.