ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය.

ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 61.57කි.

2006 වසරේදී සුසන්තිකා ජයසිංහගෙන් අනතුරුව වසර 17කට පසුව මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙලේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ අවසන් තරගය චීනයේ හංග්ජොව්හිදී ඊයේ (03) පැවැත් වුණි.

Share This