තලවතුගොඩ වෙඩි තැබීමකින් ” දිලූවා ” මරුට

තලවතුගොඩ වෙඩි තැබීමකින් ” දිලූවා ” මරුට

නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ මිය ගිය බව තංගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ තලවතුගොඩ වැලිපාරේ අංක 492/1/1 හි පදිංචි දිලුක් රංග පෙරේරා නොහොත් ” දිලූවා ” නමැති (41) හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමෙන් බරපතළ තත්වයේ පසුවූ පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලීසිය කියයි .

තලවතුගොඩ වැලි පාරේ පිහිටි සිය නිවසේ කාමරේක රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු කාමරය තුලට පැමිණ මිලි මීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් හිසට වෙඩි ප්‍රහාර තුනක් තබා පලා ගොස් තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ සමයං නමැත්තා ගේ සමීපතමයෙකුගේ සහෝදරයෙකු 2016 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට දැනට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයකි. ඊට අදාළ නඩුව මේ වන විටත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

Share This