අමෙරිකාවේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමකින් නව දෙනෙකු මරුට

අමෙරිකාවේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමකින් නව දෙනෙකු මරුට

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයට උතුරින් පිහිටි වෙළඳ සංකීර්ණයක සාප්පු සවාරි යමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඇලන් ගිනි නිවීමේ ප්‍රධානී ජොනතන් බොයිඩ් පැවසුවේ තුවක්කුකරු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දෙදෙනෙකු පසුව රෝහලේදී මිය ගිය බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුව නිසා ඇලන් නගරයේ වෙළඳ සංකීර්ණයෙන් සිය ගණනක් ජනයා ඉවත් කළ බවයි.

මෙම ඝාතන සියල්ලම එක පුද්ගලයෙකු සිදුකර ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මියගිය අය අතර කුඩා දරුවන්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.