සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.

මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ.

* සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි.

*දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.

*හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි.

*සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි.

*ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි.

*රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.

Share This