ධීවර ගම්මානයක වෙඩි තැබීමකින් දෙදරු මවක් ජීවිතක්ෂයට

ධීවර ගම්මානයක වෙඩි තැබීමකින් දෙදරු මවක් ජීවිතක්ෂයට

මැදිරිගිරිය මිරිස්හෙන ධීවර ගම්මානයක සිදු වූ වෙඩි තැබීමකින් දෙදරු මවක් මරණයට පවත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ධීවර ගම්මානයේ පදිංචි 36හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාව පදිංචි නිවෙස ඉදිරිපිට පදිංචිව සිටින තම මවගේ නිවෙසට ගිය අවස්ථාවේ වැසිකිලිය අසල සැඟව සිටි අයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය අය සමඟ ළඟින් ඇසුරක් පැවැත්වූ අයකු වූ අමනාපයක් මුල්කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඇය මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )