වැල්ලවායේ බස් අනතුරක් – පාසල් ළමුන් ඇතුළු 15ක් රෝහලට

වැල්ලවායේ බස් අනතුරක් – පාසල් ළමුන් ඇතුළු 15ක් රෝහලට

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දිය අසලදී අද (21) උදෑසන පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් තුවාල ලැබූ පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් ප්‍රතිකාර සඳහා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විමර්ශන සිදුකරයි.