මාතර වෙඩි තැබීමක්

මාතර වෙඩි තැබීමක්

මාතර වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල අද (27) උදෑසන වෙඩිතැබිමක් සිදුව තිබේ.

පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් පාසලට දරුවන් ඇරලවීම සඳහා පැමිණි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

කෙසේවෙතත්, වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද පොලිසිය සඳහන් කළේය.