තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දැනට බස්නාහිර පළාතේ රාත්‍රි සේවා මුර ක්‍රියාත්මක තැපැල් කාර්යලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.

එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක තැපැල් කාර්යාලවලදී දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව තිබේ.

ජනවාරි අවසන් වීමට පෙර ඒ සඳහා පහසුකම් සලසන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.