මොරගහහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

මොරගහහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව, පුවක්වත්ත ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් අපරාධවලට සම්බන්ධ බව කියන අයෙකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අණ කළත් ඔවුන් එම අණ නොතකා පොලිසිය දෙසට වෙඩි තබා පළා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිසිවලට සහ මාර්ග බාධක වෙත ක්ෂණිකව දැනුම්දී තිබේ.

ඒ අතර ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාද විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර පැමිණි ත්‍රිරෝද රථයක් නවතන ලෙස අන කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහා කර ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය සැක සහිත ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් පුවක්වත්ත මංසන්ධිය අසලදී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයත් සමග දෙදෙනකු මියගොස් ඇති අතර තවත් අයකු අසල රබර් වත්තට පැන පාළාගොස් ඇතැයි පොලිසිය කියයි.

එහිදී 22mm පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද සිද්ධිය වූ ස්ථානය අසල වැටී තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Share This