අහුන්ගල්ලේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

අහුන්ගල්ලේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

අහුන්ගල්ල ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට අද (01) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අහුන්ගල්ල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක්වන RU හෝටලය ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නීල් කුසුම් කුමාර නමැති 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු බව සඳහන්.

ඔහු කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් බව හෙලි වී ඇත.

පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.