යුද හමුදා සෙබළාගේ මළසිරුර කදවුරේ පොකුණක

යුද හමුදා සෙබළාගේ මළසිරුර කදවුරේ පොකුණක

හොරණ, දොඹඩොඩ යුදහමුදා කදවුරේ පොකුණක තිබී අද (29) උදෑසන සෙබළෙකුගේ මළසිරුරක් හමුවී තිබේ.

අගුරුවාතොට පොලිසිය පැවසුවේ, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 07 වන යුදහමුදා යුධෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව් එම් ටී ලක්ෂමන් නමැති අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මියගොස් ඇති සෙබළා ඊයේ (28) දින ශාරීරික අභ්‍යාස පෙලපාලියට පෙනී නොසීටී බැවින් සොයාබලා ඇතත් හමුවූ නොමැති බැවින් ඒ සම්බන්දයෙන් සෙබළාගේ නිවසද දැනුවත් කර ඇති බවයි, යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.