ඇමරිකාවේ නෞකා අනතුරට හේතුව හෙළිවෙයි

ඇමරිකාවේ නෞකා අනතුරට හේතුව හෙළිවෙයි

අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබේ.

මීටර් 289 ක දිගින් යුත් ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණි.

දින 27 ක කාලයක් තුළ එහි චාරිකාව සැළසුම් කර තිබූ අතර ගමන් ආරම්භ කර ටික වේලාවක් යන විට එහි එංජින් අක්‍රිය වී ඇත. නෞකාවේ විදුලිබලය ද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

එහි කපිතාන්වරයා ආරක්ෂක අංශ වෙත මේ පිළිබඳ දැනුවත් කර තිබුණ ද නිදහසේ පාවෙමින් තිබූ නෞකාව බැල්ටිමෝ පාලමේ ගැටී ඇති බවයි වාර්තා වේ.

මේ හේතුවෙන් පාලමට දැඩි අලාභහානි සිදු වූ අතර ඒ මත ගමන් කර තිබූ වාහන රැසක් ද ජලයට වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට සිදු වීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති අතර අනතුරින් හය දෙනෙකු අතුරුදන් වී ඇති අතර එම පුද්ගලයින් සෙවීම සඳහා කිමිදුම්කරුවන් විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එම පුද්ගලයන් පාලමේ නඩත්තු කටයුතුවල නිරත පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අතුරුදන් වී ඇති පිරිස මියගොස් ඇති බවටයි දැනට සැකපළ කර තිබේ.