වැඩ බලන මුදල් ඇමති ධූරය ෂෙහාන් සේමසිංහ ට

වැඩ බලන මුදල් ඇමති ධූරය ෂෙහාන් සේමසිංහ ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ නිල සංචාරය නිමා කොට නැවත දිවයිනට පැමිණෙන තෙක් මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍යවරයා වශයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගිය අතර එම කාලය තුළ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ වැඩ බැලීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසින් සිදුකරනු ලබනවා.