පාස්කු ප්‍රහාරයේ විමර්ශන ශානිට බාරදෙන්න – සජිත්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ශානිට බාරදෙන්න – සජිත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනිමට අවශ්‍ය බවත් සත්‍ය දැනගෙන මහමොළකරුවන් හදුනා ගැනීමට මුල් වූ කරුණු කාරණා කුමන්ත්‍රණ ගැන මෙන්ම මේ සඳහා මුල් වු පාපතරයන් හැමෝම අධිකරණයට ගෙන ඇත්ද කියා සත්‍ය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය නිසා දෙපැත්තට බෙදිලා ගහ ගන්න අවශ්‍ය නැහැ කිව්වට 2019 ජනාධිපතිවරණයේ දී සහ 2020 මහමැතිවරණයේ දී බෙදුනු බවත් එදා පොදුජන පෙරමුණ වරමක් ඉල්ලුවේ මේ ගැන සත්‍ය හොයන්න වුණත් ඒ වරම ලැබිලා වසර කීයක් ගත වුවත් ඒ සම්බන්ධයෙන් නිසි සාධාරණයක් ඉටු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතෝලික ප්‍රජාවගේ, කාදිනල් තුමාගේ සහ පියතුමන්ලාගේ විශ්වාසය දිනා ගෙන මේ ගැන හොව්වනම් අද මේ ගැන කතා කරන්න අවශ්‍ය නැති බවත් මෙවැනි ප්‍රහාරයක් ගැන හොයන්න විදේශිකයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොමැති බවත් මේ වන විට මතුව ඇති තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019ත් 2020ත් මහජනතාවට ලබා දුන් ඒ පොරොන්දුව ඉටු නොකිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (8) පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙහි බෙදීමක් ඇත්තේ සත්‍ය කුමක්ද කියා සොයන්න කටයුතු කරන කණ්ඩායම සහ සත්‍ය සඟවන්න කටයුතු කරන කණ්ඩායම අතර බවත් මේ රටේ හරියට පරීක්ෂණයක් නොකරන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඒ සඳහා දේශීය කණ්ඩායම් වුවත් යොදා ගත හැකි බවත් කිසිදු පාර්ශ්වයකට සැකයක් ඇති නොවන විනිවිධභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් පැවසීය.

මේ වෙලාවේ අවශ්‍ය වී ඇත්තේ සත්‍ය දැන ගැනීම බවත් මඩ දේශපාලනයක් අවශ්‍ය නොවන බවත් ශානි අබේසේකර මහතා සිරගත නොකර පුළුවන් නම් එතුමාට මේ පරීක්ෂණය භාර දෙන ලෙසත් ජනාධිපතිතුමා පවා එතුමා විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Share This