ලෝක කුසලානයට අදාලව ධර්මසේන ගැන ICC ගත් තීරණය

ලෝක කුසලානයට අදාලව ධර්මසේන ගැන ICC ගත් තීරණය

ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ අනුව එම විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා ද සිටියි.

එම තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එහි තරග විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ ඉන්දියාවේ නිතින් මෙනන් නම්කර තිබුණි.

Share This