ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් තමාට දෙන්නැයි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහ­තාට උප­දෙස් දී තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු ඉල්ලීම සහ උප­දෙස් සලකා බල­මින් ඉතා ඉක්ම­නින්ම ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලී අනු­පාත ඉහළ දැමීම සඳහා ක්‍රම­වේ­ද­යක් ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුද පැන­නැ­ඟී­මට ප්‍රථම වයස අවු­රුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ බැංකු සහ මූල්‍ය ආය­තන ගිණුම් සඳහා වාර්ෂි­කව 15% නොඉ­ක්මවූ පොලී ප්‍රති­ශත පිරි­නමා තිබු­ණත් මේ වන විට එම පොලී ප්‍රති­ශත තනි ඉල­ක්කමේ ප්‍රති­ශත බවට පත් වී ඇත.

මේ තත්ත්වය නිසා පොලී ආදා­ය­මෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන් අප­හ­සු­තා­වන්ට පත්ව ඇති බව සඳ­හන් කර­මින් තමාද දැනු­වත් කර ඇතැයි රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා කීය.

ඊට අම­ත­රව ඔවුන් මේ සම්බ­න්ධ­යෙන් වරින් වර ජනා­ධි­ප­ති­ව­ර­යාද දැනු­වත් කර ඇත.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ජනා­ධි­ප­ති­ව­රයා මේ කරුණ පිළි­බඳ සාව­ධා­නව සහ සානු­ක­ම්පි­තව සලකා බලා ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට සවි­ස්තර වාර්තා­වක් දෙන්නැයි ඉල්ලා සිටි බවද සිය­ඹ­ලා­පි­ටිය මහතා පැවැ­සීය.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට කෝටි 8000ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.