දුම්රියෙන් යද්දී සෙල්ෆියක් ගන්න ගිය රුසියානු කතට උන දේ

දුම්රියෙන් යද්දී සෙල්ෆියක් ගන්න ගිය රුසියානු කතට උන දේ

දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් අද 26 ඇල්ල ගල්බිංගය අසලදී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දෙමෝදර මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ මෙරට සංචාරයක පැමිණ සිටින රුසියානු ජාතික ක්‍රිස්ටිනා අලක්වානා නමැති 25 හැවිරිදි තරුණ කාන්තාවක් බවද පොලිසිය කියයි.

හික්කඩුව සිට එක්දින සංචාරයක් සඳහා ඇල්ලට පැමිණ සිටියදී ඇය මෙම අනතුරට මුහුණ පෑවාය.

ඇයගේ විදේශ ගමන් බලපත්‍ර ආදිය නැවතී සිටි හෝටලයේ තබා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

බරපතල තුවාල ලබා සිටි මෙම කාන්තාව බදුල්ල මහා රෝහල වෙත මාරු කිරීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This