සීදුව කාන්තා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

සීදුව කාන්තා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

සීදුව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේ කැලෑ පල්ලිය මාර්ගයේ දේවස්ථානයක් ඉදිරිපිට කානුවක ඊයේ (28) දින මරා දමා තිබු කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් ඇගේ අනියම් පුරුෂයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ සැගව සිටියේදී සැකපිට අද (29) අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි.

සැකකරු සීදුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවයේ නියුතු 40 හැවිරිදි අයෙකු බවත් ඔහු දිගු කලක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ අනියම් පුරුෂයා වශයෙන් සිට ඇය සමග එකට ජීවත්ව ඇති බවත් විමර්ශන කටයුතු වලදී අනාවරණය වු බව පොලිසිය සදහන් කරයි.

මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගාමිනි රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බන්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර, පොලිස් සැරයන් 70136 තරංග, පොලිස් කොස්තාපල්වරුන් වන 27180 බණ්ඩාර, 66302 රණසිංහ යන නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

මියගිය අයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This