විදුලි බිල 20% කින් අඩුකළ හැකියි

විදුලි බිල 20% කින් අඩුකළ හැකියි

විදුලි බිල සියයට 10 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් විදුලි බිල ඉහළ යාමේ වැඩි හැකියාවක් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (29) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 1 වැනිදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මෙම සතියේ විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එහිදී ජනතාවට සැළකිය යුතු විදුලි ගාස්තු අඩු වීමක් ලැබිය යුතු බවත් ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනතින් විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව පැවසු පරාක්‍රමසිංහ මහතා විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය විදේශ සමාගම් වලට අවශ්‍ය ආකාරයට දැන්ම සිටම කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළා.