ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරභාවය අසාමාන්‍යයි – ඕස්ට්‍රේලියානු හිටපු අගමැති

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරභාවය අසාමාන්‍යයි – ඕස්ට්‍රේලියානු හිටපු අගමැති

ආර්ථික අර්බුදයෙන් පසු ගෙවී ගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව නැවත ස්ථාවරභාවයක් ගෙන ඒම සඳහා කරනු ලබන කාර්යය සැබවින්ම අසාමාන්‍යය බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය.

ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්, තානාපතිවරුන් අතර සුහද හමුවක් පසුගියදා(19) කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවති අවස්ථාවේදීය.

ෆෙයාර්ෆීල්ඩ් ලෝයර්ස්හි සභාපති නීතිඥ සුසන්ත කටුගම්පල මහතා ඇතුළු පිරිසක් මෙම හමුව සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා,

“ශ්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේ මා පිළිගත් ආකාරය ගැන ඉතාමත් සතුටුයි. ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මාව දිරි ගන්වනු ලැබූ නීතිඥ සුසන්ත කටු‍ගම්පොළ මහතා ඇතුළු ෆෙයාර්ෆීල්ඩ් ලෝයර්ස්ලාට මගේ සුබ පැතුම් එක් කරනවා.

මම අතීතයේ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණි අතර එම කාලය තුළ බොහෝ දේ වෙනස් වී තිබෙනවා. මම ශ්‍රී ලංකාවට ආපු පළවෙනි වතාවේ අද මේ ඉන්න හෝටලය මෙතන තිබුණේ නැහැ.

මම නවාතැන් ගෙන සිටින හෝටලය තිබුනේ නැහැ. අද පැමිණ බලන විට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා.

කොළඹ නරගය දියුණු, සිත් ඇදගන්නා සුළු නගරයක්. ශ්‍රී ලංකාවට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන් බලාපොරොත්තු වන, ඔවුන් සොයා ගන්නා දේ ගැන සැබවින්ම පුදුමයට පත් වනු ඇත.

නගරයේ විවිධත්වය සිත් ඇදගන්නා සුළුයි. අවන්හල්, ආකාර්ෂණීය ස්ථාන, සංස්කෘතික ක්‍රියාකාරකම් ඉතා දියුණුයි. එබැවින් මිනිසුන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට සහ ඔබ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ ඇත්නම් නිසැකවම ගොස් ලෝක මට්ටමේ සංචාරක නිකේතන සහ ආකර්ෂණීය ස්ථාන මොනවාද යන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් අත්විඳින ලෙස මම ඔබව දිරිමත් කරනවා.

මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවට ‘බේ’ පන්තියේ යාත්‍රාවක් ප්‍රධානය කිරීමෙන් පසු අපි ත්‍රිකුණාමලය වරායට ගියා. එහිදී ඕස්ට්‍රේලියානු තානාපතිවරයා වූ අද්මිරාල් තුමාද අද රාත්‍රියේ අප සමඟ මෙහි සිටිනවා.

නාවික හමුදා නිලධාරීන් ත්‍රිකුණාමල වරාය පිළිබඳව සිටියේ මහත් ආඩම්භරයෙන්. නෙල්සන් සාමිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ත්‍රිකුණාමලය ලෝකයේ හොඳම වරාය කියලා.

ත්‍රිකුණාමලය අතිශයින් කැපී පෙනෙන ස්ථානයක්. ඉදිරි දින කිහිපය තුළ මගේ පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවේ විවිධත්වය, සහයෝගිතාවය අත්විදීමට මම බලාපොරොත්තු වෙනවා.