පාසල් වෑන් රථයක් තුල සිසුවියක් අපයෝජනය කල රියදුරු සොයා විමර්ශන

පාසල් වෑන් රථයක් තුල සිසුවියක් අපයෝජනය කල රියදුරු සොයා විමර්ශන

ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ සිසුවියක් පාසල් වෑන් රථයක් තුළ දී අතවරයට ලක් කළ පාසල් වැන් රථයේ රියැදුරු සොයා පනාමුරේ පොලීසිය විසින් විමර්ශණ අරඹා තිබේ.

මෙලෙස අතවරයට ලක් වී ඇත්තේ සිය පුංචි අම්මාගේ රැකවරණය යටතේ සිටි දැරියකි.

පසුගිය දිනක දැරිය පාසල් නොපැමිණ පාසල් ඇඳුමින් ඇඹිලිපිටිය නගරයේ සිටි බව ඇයගේ මිතුරියක් දැක පාසල දැනුවත් කර තිබේ.

මේ පිළිබඳ පාසලෙන් ඇයගේ නිවැසියන්ට දැන්වීමෙන් අනතුරුව නිවැසියන් ඇඹිලිපිටිය පොලීසියට මේ පිළිබඳ පැමිණිලි කර තිබේ..

ඒ අනුව පොලිසිය වෑන් රථ රියැදුරු පොලිසියට ගෙන්වා මුදා හැර ඇති බවයි ඇයගේ පවුලේ උදවිය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දැරිය පවසන්නේ පොත් මිලදි ගැනීමට වෙළඳසැලක් වෙතට ගොස් පැමිණි පසු වෑන් රථයෙන් ඇයව චන්ද්‍රිකා වැව අසලට රැගෙන ගොස් අතවර කළ බවයි.

මේ වන විට වෑන් රථය පොලිස් භාරයේ ඇතත් රියැදුරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

Share This