පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹෙයි

පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹෙයි

2024 වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම පාාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින්

අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ සීමිත පිරිසකට පමණක් නිල ඇඳුම් ලබා දෙන බව පවසමින් විවිධ පිරිස් විසින් කරනු ලබන චෝදනා හා අසත්‍ය ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම පෙර වර්ෂයට සාපේක්ෂ ව අඩු වියදමකින් මෙන් ම කල්වේලා ඇති ව පෙළ පොත් මුද්‍රණය කිරීමට මෙවර හැකියාව ලැබී තිබෙන බවත් එමගින් රුපියල් මිලියන 4,000ක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ