සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහල දමා තිබෙන බව දැනුම් දෙනවා .

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරමින් මෙම සහන ලබාදීමට ක්‍රියාකළ බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම මිල අඩු කිරීම අද (15) දිනයේ සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඔහු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි පැවසුවේ.

ආනයනික බිත්තරත් සෙනසුරාදා සිට සියලු සතොස අලෙවිසැල් හරහා අලෙවියට සූදානම් කරන බවත් එහිදී සඳහන් කෙරිනි.

 

Share This