කන්දකාඩුවෙන් පැනගිය රැඳවියෝ 23 ක් භාරවෙති

කන්දකාඩුවෙන් පැනගිය රැඳවියෝ 23 ක් භාරවෙති

වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් අද පස්වරුවේ පැනගිය රැඳවියන් 23 ක් පුලස්තිපුර ප්‍රදේශයේදී පොලිසියට භාර වූ බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා පැවසීය.

එම කඳවුරෙන් පැනගිය 50 කට අධික රැඳවියන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ ඇති බවත් එම මෙහෙයුමට වැලිකන්ද පොලිසියේ කණ්ඩායමට අමතරව මනම්පිටිය, අරලගන්විල, පුලස්තිපුර සහ පොළොන්න්රුව යන පොලිස් ස්ථානවලින් ද නිලධාරී කැඳවූ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.

මෙලෙස භාර වූ රැඳවියන් අද (12) දිනයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ආහාර ගැටළුවක් මුල්කරගෙන මෙම රැඳවියන් පිරිස මෙලෙස මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.