සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (09) දැනුම් දුන්නේය.

ඒ අනුව, එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.