සමනල වැව ජලාශයෙන් උඩවලවට ජලය මුදාහැරීම ඇරඹේ

සමනල වැව ජලාශයෙන් උඩවලවට ජලය මුදාහැරීම ඇරඹේ

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

අද (08) අළුයම 2:30 පමණ සිට ජලය මුදාහැරීම ආරම්භ කළ බවයි, විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව, දිනකට කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිතව තිබේ.

මහවැලි වලව කලාපයට බලපෑ දරුණුතම වියළි කාලගුණයත් සමග උඩවලව ජලාශයේ ජලය සිඳීයාමෙන් ඇතිවූ අර්බුදකාරි තත්ත්වය හමුවේ සමනල වැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය නිකුත් කිරීමට ඊයේ (07) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

මේ අතර ලබන 15 වනදා දක්වා සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය සැපයීම සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.