සැලසිනේ ලොක්කෝ පාගා ගහන්න සේවකයන් ඉවත් කර නිෂ්පාදන අංශය වසා දැමීමේ තීරණයක

සැලසිනේ ලොක්කෝ පාගා ගහන්න සේවකයන් ඉවත් කර නිෂ්පාදන අංශය වසා දැමීමේ තීරණයක

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සැලසිනෙ රූපවාහිනී ආයතනයේ නිෂ්පාදන අංශය වසා දැමීම සහ සේවකයන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇතැයි එහි සේවක පිරිස් විසින් එහි ඉහළ පාලනාධිකාරයට චෝදනා කරයි.

1982 පෙබරවාරි මස වීඩියෝ නිෂ්පාදන ආයතනයක් ලෙස ආරම්භ කළ සැලසිනෙ රූපවාහිනී ආයතනය දැනට වසර 42 ක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන්නේ රජයේ වැඩසටහන් හා දැන්වීම් ප්‍රචාරණ ආයතනය ලෙසයි.

එමගින් රජයේ රජයේ වැඩසටහන් හා දැන්වීම් ක්‍රියාවලිය වඩා අඩු මුදලකට සිදු කිරීමත් රාජ්‍ය මුදල් රාජ්‍ය ආයතනක් තුළ රඳවා ගැනීමත් මෙම ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු අතර විය.

වීඩියෝ වැඩසටහන් පිටපත් රචනයේ සිට සම්පුර්ණ සංස්කරණ ක්‍රියාවලිය දක්වාම වැඩ අවසන් කිරීමේ හැකියාව සැලසිනෙ ආයතනය සතුව පවතී.

2021 වසර දක්වාම සැලසිනෙ ආයතනය ලාභ ලබන ආයතනයක් වන අතර රජයට බරක් නොවූ ආයතනක් ලෙස ක්‍රියාත්මක වෙයි.

ජනමාධ්‍ය අමාත්‍ය වරයා වු ඩලස් අලහප්පෙරුම මහතා යටතේ පත් වූ හරිත් ගුණවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාගේ ආශිර්වාදය මත තවමත් සභාපති ලෙස සිටියි.

අමාත්‍යාංශ ලේකම්වරයාගේම පත්විමකින් මාධ්‍යයේ අයන්නවත් නොදෙත් රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඩබ්.එල්.ඒ කේ.ඒ.ගුණතිලක සාමාන්‍යධිකාරි ලෙස පත් කරනු ලැබ තිබේ.

ගතවූ කාලය තුළ ඔවුන් හිටපු සභාපතිවරයාට සහ සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව පරීක්ෂණ සිදුකරන බව පැවසුව ද ඒවායෙහි ප්‍රගතියක් දක්නට නොලැබෙන අතර ඒ වෙනුවට ඔවුන් සිදුකරමින් සිටින්නේ පහළ ශ්‍රේණියේ සේවක වරප්‍රසාද කප්පාදුව හා ඔවුන් ඉවත්කිරීමේ ක්‍රියාවලියකය.

මේ අනුව ආයතනය විශාල වශයෙන් ආදායම් උපයන නිෂ්පාදන අංශය වසාදැමීමට තීරණය කිරීම සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයාගේ පෞද්ගලික අවශ්‍යතාව මත තීරණය කිරීමට සමස්ත කාර්යමණ්ඩලයේම විරෝධතාවට ලක්ව තිබේ.

මෙම අංශය අකර්මණ්‍ය කිරීමට හේතුව සැලසිනෙ ආයතනයට නිෂ්පාදන කාර්යය සඳහා ලැබෙන වැඩසටහන් තම පෞද්ගලික හිතවතුන් කිහිපදෙනකුට ලබාදී කිසිවකුටත් හසු නොවන අයුරින් විශාල කොමිස් මුදලක් ලබාගත හැකිවීමය.

ටෙන්ඩර් පටිපාටි ඔවුන්ට ඕනෑ අයුරින් දැනටමත් ක්‍රීයාත්මක කරමින් ආයතනය තුළ ලාබදායිව කළ හැකි නිෂ්පාදන කටයුතු එකම පුද්ගලයෙකුගේ ආයතනයක් වෙත විවිධ නම් වලින් මේ වන විටත් දී ඇත.

එය සභාපති හරිත් ගුණවර්ධන පත් වූ දා සිට සැලසිනෙ පිටත දුන් වැඩ ලිපිගොනු තුලින් හෙළි වී ඇත.

මාධ්‍ය පිළිබඳ අයන්නවත් නොදන්නා අලෙවි අංශයේ ප්‍රධානියා සහ සාමන්‍යධිකාරිවරයාගේ අත්තනෝමතික
ක්‍රියාවන් නිසා දිනෙන් දින සේවා දායකයින් ආයතනය හැර ගොස් ඇත.

උදාහරණ ලෙස ජාතික ලොතරැයි මණ්ඩල දිනුම් ඇදිම් දර්ශන පටිගත කිරීම සභාපතිවරයා සහ සාමාන්‍යධිකාරිවරයාගේ ක්‍රියා නිසා අහිමි වූවකි .

එපමනක් නොව සේවා දායකයින්ගෙන් එන වැඩ තුන්වන පාර්ශවයක දිම සඳහා ඇස්තමේන්තු සැකසීම නිසා ආයතන රැසක වැඩ ආයතනයට අහිමි වී ඇත.නිෂ්පාදන අංශයේ හෝ කාර්ය මණ්ඩලයේ අංශ ප්‍රධානීන්ගේ කිසිදු අදහස් විමසීමක් සිදුනොකර තම මතය අනුව ආයතනය මෙහෙයවීම මෙයට හේතු වී තිබේ.

වසර 42 ක් විවිධ බාධක මැද ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන ආ මෙම ආයතනයේ අලෙවි කළමනාකරු , සාමාන්‍යඅධිකාරිවරයා සහ වත්මන් සභාපතිවරයා ඉවත් කර දෙන ලෙස එහි සේවකයන් ඉල්ලා සිටි.

තවද සභාපතිවරයා සහ සාමාන්‍යධිකාරිවරයා ගේ අභිමතය පරිධි කිසිදු සේවක අදහසක් නොගෙන අලුතින් ඇති කිරිමට උත්සාහ දරන සේවක කාඩර් එක සම්මත කිරීම වලක්වා දෙන ලෙසත් ඉහත කරුණු ඔස්සේ සේවකයන් 55 පමණ පිරිසකගේ රැකියා පිලිබඳ පැන නැගෙන මෙම ගැටලුව සඳහා මැදිහත් වී සිදුවන අසාධාරණයට අවධානය යොමුකර කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස සේවක පිරස් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Share This