මහ බැංකුව වැඩි කරගත් පඩියෙන් කොටසක් අඩු කරගැනීමේ සාකච්ඡාවක

මහ බැංකුව වැඩි කරගත් පඩියෙන් කොටසක් අඩු කරගැනීමේ සාකච්ඡාවක

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්ව වලට දැනුම්දී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් රජයේ තීරණය එන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අනිද්දා 20 වැනිදා බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් කමිටුවෙන් දෙන වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.