දඩයමේ ගිහින් ඉලක්කය වැරදී මිතුරා මරුට

දඩයමේ ගිහින් ඉලක්කය වැරදී මිතුරා මරුට

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදීමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ තරුණයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසීය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ, වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි ඉසදින් මරික්කාර් මොහොමදු අස්තාර් නැමති අවිවාහක තරුණයකු බව පොලිසිය පවසයි.

පුත්තලම, වනාතවිල්ලුව හයේ කණුව හා එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මෙසේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කිරීම සදහා විල්පත්තුව ජාතික වන උද්‍යානයට ගොස් සිටියදී මෙසේ එකම කණ්ඩාමේ සිටි තරුණයකුට එම කණ්ඩායමේම අයෙකු රාත්‍රියේ සොයා ගත නොහැකිව වැරදිමකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව පැවසේ.

මෙම වෙඩි තැබීම විල්පත්තුව ජාතික වන උද්‍යානයට අයත් මුරුන්දන්වේලි ප්‍රදේශයේ මන්ජකොඩි ඇල පිහිටි සිමාවේ සිදුව ඇති බව එළුවන්කුලම වනජීවි නිළධාරීන් පවසයි.

Share This