වැටුප් ගැන රාජ්‍ය සේවකයින්ට සුබ පණිවිඩයක්
වසර 2024 අය-වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000ක දීමනාවෙන් ඉතිරි රුපියල් පන්දහස අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවීමට සූදානම් බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.
මෙම රුපියල් දස දහසේ දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරී මස සිට ගෙවීම ආරම්භ කළ අතර අප්‍රේල් සිට ඉතිරිය ගෙවන බවට රජය දුන් පොරොන්දුව ඉටු කරමින් මෙසේ ගෙවීම් ආරම්භ කරන බව ඇමැතිවරයා පැවසීය.
දැනට රාජ්‍ය සේවකයන්ට වසරකට වැටුප් ගෙවීමට රුපියල් කෝටි දසදහසක් වැය වන අතර අප්‍රේල් සිට තවත් 5,000කින් වැටුප් වැඩිවීමත් සමඟ රුපියල් කෝටි 1300-1400ත් අතර මුදලක් අමතරව දරන්නට වෙන බව ද ඇමැතිවරයා කීවේය.