ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේදී විපක්ෂයට එනවා – සජිත්

ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේදී විපක්ෂයට එනවා – සජිත්

ආණ්ඩුවේ සිටින යම් කණ්ඩායමක් අනාගතයේ දී විපක්ෂයට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා එය කියන්නේ අනාවැකියක් ලෙස බවද විපක්ෂනායකවරයා කීය.

සමගි ජන ජනබලවේගයේ කිසිම පුද්ගලයෙක් මේ දුර්දාන්ත රජය සමඟ එකතු වන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

“මා වගකීම කිරීම පැහැර හැරි බව කියනවා. මා කේන්දර කේන්ද්‍ර බැලුවේ නෑ.හැබැයි වගකීම බාර ගත්තොත් වැඩ කරන්න ඉන්න ග්‍රහයො 134 දෙනා ගැන මා බැලුවා.

ඒ කුජීත ග්‍රහයන් දෙස බැලූ විට රජයක් පිහිටුවන්න නෙමෙයි වමාරන්න හිතෙන්නේ යනුවෙන් ද සජිත් පේමදාස මහතා කීය.