හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුගේ නරක් වූ සිරුර නිවසකින් හමුවෙයි

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුගේ නරක් වූ සිරුර නිවසකින් හමුවෙයි

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුරක් වාද්දුව මහවිහාර පාරේ නිවසක් තුළ තිබී අද (27) හමුවූ බව වාද්දුව පොලිසිය පවසයි.

ඔහු දින තුනකට පමණ පෙර මියයන්නට ඇති බවට සැකකරන බවත්, මළසිරුර නරක්වී තිබූ බවත් සදහන් වේ.

මෙලෙස මියගොස් සිට ඇත්තේ, වාද්දුව මහවිහාර පාරේ කුලී නිවසක තනිව පදිංචිව සිටී එම්. ශාන්ත චිත්‍රාල් සල්ගාදු නමැති 73 හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය කීය.

නිවස තුළින් අධික දුගදක් හමන බවට ලද තොරතුරක් මත පරීක්ෂණ කොට නිවසේ කාමරයක ඇදක් මත තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිළධාරීන්ගේ සහය සහිතව හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇත.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.

Share This