අස්වැසුම ලිපිය ගන්න ගිය පුද්ගලයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ඇද වැටී මරුට

අස්වැසුම ලිපිය ගන්න ගිය පුද්ගලයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ඇද වැටී මරුට

අද උදැසන රාජකාරි කටයුත්තක් සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පුද්ගලයෙකු ඒ තුල ඇද වැටිමෙන් අද (27) පෙරවරු මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පැවසිය.

එම පුද්ගලයා ඇද වැටුණු අවස්ථාවේ දිම 1990 ගිලන්රථ සේවය එම ස්ථානය වෙත කැදවා එම පුද්ගලයා රෝහලට ගෙන යැමට කටයුතු කරන විටත් ඔහු මියගොස් සිට තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ටොනකොම්බ වතුයාය , නමුණුකුල ලිපිනයේ පදිංචි 76 හැවිරිදි රාමසාමි කුලන්දාවේලු නැමති අය බව පොලිසිය කීය.

මියගිය පුද්ගලයා ගේ ඥාතින් පවසා සිටියේ අද උදෑසන අස්වැසුම ලිපිය ලබා ගැනිම සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යන බව පවසා මොහු නිවසින් පිටත්ව ගිය බවයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ඇල්ල පොලිස් ස්ථානය මගින් සිදුකෙරේ.