සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (13) පෙරවරුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබේ.

මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් තරග පාවා දීම සඳහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව, පසුගිය 06 වන දා නීතිඥයකු මාර්ගයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත භාරවීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඉන් අනතුරුව එදින පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායක අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

නඩුවට අදාළ හඬ පටයක් සම්බන්ධයෙන් කරන විමර්ශන අනුවයි ඔහු හඩ පරීක්ෂාවක් සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේ.