වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය පිහිටි ස්ථානය බලහත්කාරයෙන් වටකරගෙන එම රෝහලේ සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.

ඒ හේතුවෙන්, ඒ මහතාට කාර්යාලයෙන් පිටවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති අතර මේ නිසා කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබේ.

එම ස්ථානයේ සුළු සේවකයෝ 500 කට අධික පිරිසක් එක්ව සිටින බවටයි වාර්තා වන්නේ.

පසුගියදා සිදුකළ වර්ජනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව අදහස් පළ කිරීමට විරෝධය පළ කරමින් මෙලෙස ඔහු කාර්යාල අඩස්සියට ගෙන ඇති බවයි, රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.