ක්‍රීඩා ඇමතිගෙන් නව ගැසට්ටුවක්

ක්‍රීඩා ඇමතිගෙන් නව ගැසට්ටුවක්

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ඒකකය පසුගිය පෙබරවාරි 15 වැනි දා සිට බලපැවැත්වෙන අතර එහි අධ්‍යක්ෂවරයා හා ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ මහතා පත්කර ඇත.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 21 වැනි වගන්තිය ප්‍රකාරව එම පනතේ නෛතික ප්‍රතිපාදන ප්‍රයෝගිකව ක්‍රියාවේ යෙදවීම සඳහා වසර 3 ක කාලයක් සඳහා මෙම කමිටුව පත්කර ඇතැයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 

Share This