දුම්රිය හරස් මාර්ගයක් වැසේ – විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලීමක්

දුම්රිය හරස් මාර්ගයක් වැසේ – විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලීමක්

කැලණිවැලි දුම්‍‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අදාළ දුම්රිය මාර්ගය හරහා වැටී ඇති මාර්ගය තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව සඳහන්ය.

ඒ අනුව, අදාළ දුම්රිය හරස් මාර්ගය ලබන 21 වනදා පෙරවරු 08.00 සිට 22 වනදා පෙරවරු 05.00 දක්වා වසා තැබෙයි.

ඒ අනුව, අදාළ හරස් මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share This