ඇල්ල -වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

ඇල්ල -වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

ධාරාණිපාත වර්ෂාව සමග වසා තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය මේ වන විට විවෘත කර ඇති බව ඇල්ල පොලීසිය කියයි.

ඇල්ල වැල්ලවාය මාර්ගයට රන්දෙණිය ප්‍රදේශයේ කිලෝමීටර 6, 7 කනු අතර ස්ථාන කිහිපයකින් ම අවර වීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

ස්ථාන කිහිපයක එක් මං තීරුවක් පමණක් මේවන විට විවෘත කර මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් ඇල්ල-වැල්ලවාය මාර්ගය කාර්යබහුල වීම නිසා අවදානම් ස්ථානවල මග නැවතී ආහාර ගැනීම, සිරි නැරඹීම, ඡායාරූප ගැනීම මේ දිනවල අවදානම් බව ද ආපදා අංශ පෙන්වා දෙයි.

Share This