ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවේ සමිත දුලාන්, 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (F64) හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.

සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09කි.

චීනයේ හංග්චොව්හිදී පැවැතවෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී නුවන් ඉන්දික ගමගේ සහ ප්‍රදීප් සෝමසිරි ඊයේ රන් පදක්කම් දිනා ගත්හ.

ඊයේ පැවැති (T44) මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයේදී නුවන් ඉන්දික ගමගේ ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 11. 63 කි.

ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 (T46) පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය.

මිනිත්තු 4යි තත්පර 5. 1යි කින් තරගය අවසන් කරමින් ඔහු තරගය අවසන් කළේ, නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

Share This