අත්අඩංගුවට ගත් සබරගමු සිසුන් 6 දෙනා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සබරගමු සිසුන් 6 දෙනා රිමාන්ඩ්

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමේ සිද්ධිය සම්බන්ධ ව අද (14) අත්අඩංගුවට ගත් තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් 06 දෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (15) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද (14) දා නියෝග කළාය.

ඉකුත් 09 වැනිදා රාත්‍රියේ ආපනශාලාවේදී එම පහර දිම සිදු කර තිබුණ අතර එහිදී පහර කැමට ලක් වු සිසුවියක සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව සමනල වැව පොලිසිය සදහන් කළේය.

එම සිද්ධියට සම්බන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන බලන්ගොඩ අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම සිසුන් 07 දෙනාද අද (14) දා නැවත බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (15) දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය නියෝග කලාය.