ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ළමා රෝහලේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ළමා රෝහලේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අද උදෑසන රිජ්වේ ආර්යා රෝහලේ හෘද රෝග වාට්ටුවේ සහ හෘද උරස් වාට්ටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය මෙම සංචාරයට සහභාගී වූ බවයි.

ඔවුන් පිළිගනු ලැබුවේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය සහ Little Hearts ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ විසින්.

‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියේ’ දැනට කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් ක්‍රීඩකයින් දැනුවත් කිරීම ද සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතිය’ සඳහා රුපියල් මිලියන 100ක් ද පරිත්‍යාග කර තිබුණා.

මෙම අරමුදල් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Cardiac and Critical Care Complex’ ගොඩනැගීමට යොදා ගන්නා අතර, එය ගොඩනඟන ලද පසු, සංජානනීය හෘද රෝග (congenital heart diseases) සහ බරපතල රෝගාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට උපකාරී වනු ඇති.

1 5

2 6

3 5

4 3

5 5

6 4

9 2

10 2