බත් පැකට්, රයිස් සහ කොත්තු මිල පහළට

බත් පැකට්, රයිස් සහ කොත්තු මිල පහළට

ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙමින් අද (05) සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එමෙන්ම, බිත්තර රොටී ඇතුළු අනෙකුත් කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 10කින් සහ ප්ලේන්ටි රු 5 කින් අඩු කෙරෙන බවයි, සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.