ලක්ෂ 27ක නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

ලක්ෂ 27ක නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් විසිහත් ලක්ෂ දොලොස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයෙකු අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු අද අලුයම 04.51ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඕ.වී.-437 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03ක විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,120ක් අඩංගු දුම්වැටි කාටූන් 135ක් සහ තවත් පැකට් 06ක් සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණ තිබියදී කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.